ඔයාට හරියටම ගැළපෙන ලිප්ස්ටික් එක..

ඇත්තම කියන්නකෝ.ටීවී එකේ දකින දකින ඔයා ආසම සෙලිබ්‍රේටි කෙනෙක් හරිම ලස්සනට ඇප්ලයි කරලා හිටපු ලිප්ස්ටික් එකට හිත ගිහිල්ලා ඔන්න ඔයත් ඒක ඇප්ලයි කලා.ඒත් අර තරම් ලස්සනක්-ගතියක් නෑ නේද?
ඕක තමයි ගොඩක් දෙනෙක්ට වෙන දේ.ඒකට හේතුව අපි ගොඩක් දෙනෙක්ගේ හමේ පාට එකිනෙකට වෙනස් වීම.අපේ රටේ ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ එක එක විදියේ හමේ පැහැයන්.ඒ නිසා තමන්ගේ හමට ගැළපෙන ලිප්ස්ටික් පාවිච්චි කරන එකත් හරිම වැදගත්.වැඩේ නම් හරිම අමාරුයි තමයි.ඒ වුණත් ටිකක් ට්‍රයි කලාම උත්තරයක් හොයාගන්න බැරිවෙන්නෙත් නැහැ.හරියටම ඔයාට ගැළපෙන ලිප්ස්ටික් එක හොයාගන්න එක පියවර 03ක වැඩක්.

ඔයාගේ අභ්‍යන්තර පැහැය (අන්ඩර්-ටෝන්) හඳුනා ගැනීම.

01. වෝර්ම් අන්ඩර්-ටෝන්

මේ කියන්නේ ඔයාගේ මැණික් කටුව ලඟින් පෙනෙන නහර වල පැහැය.ඒවා කොළපාටට හුරු නම් ඔයාට ගැළපෙන්නේ රතු,තැඹිලි වගේම දුඹුරු පැහැයට බර ලිප්ස්ටික් පැහැයන්.

02. කූල් අන්ඩර්-ටෝන්

මැණික් කටුවේ නහර පෙනෙන්නේ නිල් පාටට බරවෙලා නම් ඔයාට රෝස,නිල් වගේම දම් වගේ ලිප්ස්ටික් පැහැයන් ගැළපෙනවා.

03. නැචුරල් අන්ඩර්-ටෝන්

නිල් සහ කොළ පාට දෙකෙන්ම මැණික් කටුවේ නහර පෙනෙනවා නම් ඔයාට හමේ පාටට ගැළපෙන ඕනිම ලිප්ස්ටික් පාටක් ගැළපෙනවා.

identify-your-undertone

හමේ පැහැය (ස්කින් ටෝන් /කම්ප්ලේක්ෂන්) හඳුනාගැනීම

01. තද දුඹුරු හෝ කළු හම (අව්වට නිරාවරණය වුනාම ලේසියෙන්ම පිච්චෙන හෝ අවපැහැ නොවෙන සම)
02. මධ්‍යම ප්‍රමාණයේ හෝ තලෙළු ආකාරයේ හම (අව්වට නිරාවරණය වුනාම ලේසියෙන්ම අවපැහැ වෙන සම)
03. පැහැපත් හෝ සුදුමැලි හම (අව්වට නිරාවරණය වුනාම ලේසියෙන්ම පිච්චෙන සම)

identify-your-skin-tone

තේරීම් රැසකින් ඔයාට හොඳම දේ හඳුනාගැනීම.

01. තදපැහැ සම:

ඔයාගේ අභ්‍යන්තර පැහැය ගැන (අන්ඩර්-ටෝන්) වදවෙන්න එපා.සාමාන්‍යයෙන් ඔයා වෝර්ම් අන්ඩර්-ටෝන් ඝනයට වැටෙන්නේ.

ගොඩක්ම ගැළපෙන්නේ: තද රතු පැහැයන්,බෙරි වගේම පර්පල්.
මේවා නම් එපා: දීප්තිමත් රතු පැහැයන්,රෝස,තැඹිලි.

lipology-dark-skin

02.මධ්‍යම / තලෙළු සම (තඹ පැහැය):

ඔයා කූල් අන්ඩර්-ටෝන් ඝනයේ කෙනෙක් නම්,
ගොඩක්ම ගැළපෙන්නේ: මව් පැහැය(Mauve),සැමන් පින්ක්,නියුඩ් පැහැයන්.
මේවා නම් එපා: දීප්තිමත් තැඹිලි පැහැය.

lipology-olive-cool-skin

වෝර්ම් අන්ඩර්-ටෝන් නම්,
ගොඩක්ම ගැළපෙන්නේ: බෙරි,මෙරූන්,ප්ලම් සහ නියුඩ් පැහැයන්.
මේවා නම් එපා: දීප්තිමත් රෝස පැහැය.

lipology-olive-warm-skin

03. පැහැපත්/සුදුමැලි සම:

ඔයා කූල් අන්ඩර්-ටෝන් ඝනයේ කෙනෙක් නම්,
ගොඩක්ම ගැළපෙන්නේ: සැබෑ රෝස,පර්පල්.
මේවා නම් එපා: ගොඩක්ම ලා පැහැයන්,අළු

lipology-fair-cool-skin

වෝර්ම් අන්ඩර්-ටෝන් නම්,
ගොඩක්ම ගැළපෙන්නේ: සැබෑ රතු,දීප්තිමත් තැඹිලි,දුඹුරු

lipology-fair-warm-skin

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
No Comments Yet

Comments are closed