ඩාර්ක් සර්කල්ස් පරද්දමු!

රූපලාවන්‍ය ගැටළු ගත්තම බොහොමයක් දෙනෙක් මුහුණ දෙන පොදු ප්‍රශ්නයක් තියෙනවා.ඒ තමයි මේ ඩාර්ක් සර්කල්ස්-එහෙම නැත්තං ඇස් වටා සම අවපැහැ ගැන්වීම.ගොඩදෙනෙක් මුහුණ දෙන ප්‍රශ්නයක් නිසාම මේකට විසඳුමක් හොයාගන්නත් ගොඩක් කට්ටිය උනන්දුයි.ඒ නිසාම මොනම ක්‍රමයකින් හරි මේ ඩාර්ක් සර්කල්ස් වහගන්න තමයි අපි නිතරම උත්සහ කරන්නේ.මේකට බලපාන හේතු වගේම ඊට ගැළපෙන පිළියම් තියෙනවා.ඒ වුණත් ඉක්මන් සහ තාවකාලික විසඳුමක් විදියට මේකට මේකප් පාවිච්චි කරන්නත් පුළුවන්.එහෙනම් අද බලමු කොහොමද මේකප් වලින් ඩාර්ක් සර්කල්ස් වලට උත්තර දෙන්නේ කියලා.

මොනාද පාවිච්චි කරන්නේ?

ඔයා හිතන තරම් මේ ප්‍රශ්නය සංකීර්ණ නැහැ.හරි හැටි පැහැයන් මිශ්‍ර කරලා ගළපාගන්නවානම් මුහුණේ ලප කැළැල්වලට,විවිධ පැහැයෙන් යුතු සමට වගේම අද අපි කතා කරන ඩාර්ක් සර්කල්ස් වලටත් උත්තර දෙන්න පුළුවන්.දැන් ඔයා බැලුවොත් මේ පල්ලෙහා තියෙන සම්ප්‍රදායික වර්ණ චක්‍රය දිහා ඔයාට පෙනේවි එක පාටකට යාවෙන අනෙක් අනුරූපී වර්ණය ඊට හාත්පසින්ම වෙනස් වර්ණයක්.ඒ කියන්නේ ඔයාට හංගන්න ඕනිවෙන පාට ගැන තමයි මේ වර්ණ චක්‍රයෙන් කියන්නේ.තේරුණේ නෑ වගේනම් පොඩි උදාහරණයක් දෙන්නම්.දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ මුහුණේ තැන් තැන්වල මතු වෙච්ච රතු පැහැයන් හෝ කුරුලෑ කියමුකෝ.එතකොට ඔයා ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න ඕනි,ඔයාගේ ඒ අඩුපාඩු මකා ගන්න ඕනි කොළපාට ඇසුරෙන්.දැන් අපි කතා කරන ඩාර්ක් සර්කල්ස් ප්‍රශ්නෙදි අඳුරු පැහැය හංගලා සමේ වඩා දීප්තිමත් බවක් මතු කිරීම හරිම වැදගත්.එතැනදී ඔයාගේ හමේ පැහැයට ගැළපෙන ආකාරයෙන් තැඹිලි,රතු හෝ පීච් කන්සීලර් වලින් අවපැහැය හංගන්න පුළුවන්.මධ්‍යම හෝ තද පැහැයෙන් යුතු සමක් නම් ඔයා පාවිච්චි කරන්න ඕනි,තැඹිලි හෝ රතු පැහැයෙන් යුතු කන්සීලර් වර්ගයක්.තරමක් පැහැපත් සමක් නම්,පීච් කන්සීලර් එකක් පාවිච්චි කරන්න පුළුවන්.ඇත්තෙන්ම ඒ පැහැයන්ගෙන් ඇස් වටා හම අඳුරු පැහැ ගැන්වීම සඟවා තබන අතර එම සම ප්‍රදේශයට වඩා දීප්තිමත් බවක් ද එකතු කරනවා.

 

Color whee for make up

කොහොමද කරන්නේ?

ඇත්තටම මේක සරල දෙයක්.සේරටම කලින් මතක ඇතුව ඔයාගේ ප්‍රීමර් එක ආලේපය අනිවාර්යයි.අඳුරු ඇස් වටා සම ඇතුළුව තැඹිලි,රතු හෝ පීච් පැහැයෙන් යුතු කන්සීලර් වර්ගයක් ආලේප කිරීම ඉන් පසුව සිදු කරන්න.පැහැයන් බ්ලෙන්ඩ් කිරීමට ඇඟිලි තුඩු තරම් දෙයක් තවත් නැහැ.දැන් ඔබේ කැමැත්තට අනුව BB+ ක්‍රීම් එකක් හෝ ෆවුන්ඩේෂන් එකක් ආලේප කරන්න.මෙතැනදී මතක තියාගන්න ඕනිම දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා මේ ඩාර්ක් සර්කල්ස් ප්‍රශ්නයට තදින්ම මුහුණ දීලා ඉන්න කෙනෙක් නම් දවස ගානේ ඩාර්ක් සර්කල්ස් ආවරණය කරගන්න ඔයාට සිද්ධ වෙනවා නම් ඔයාට ගැළපෙනම දේ තමයි, Pond’s BB+ ක්‍රීම් එක.දිනපතා පාවිච්චියට ඉතා පහසු වගේම වාසි රැසකින් සමන්විත සැප පහසු විසඳුමක් වෙන Pond’s BB+ ක්‍රීම් එක ඇත්තටම ඔයාගේ ප්‍රශ්නයට ගැළපෙනම විසඳුමයි.ඔයාට හිතෙනවා නම් ඒකත් ඔයාට ප්‍රමාණවත් නෑ කියලා,ටිකක් වැඩිපුර කන්සීලර් භාවිතය ඔයාට විසඳුමක් වෙන්න පුළුවන්.විනාඩි කිහිපයක් වැය කරලා ලස්සන අයි-මේකප් එකකින් ඔයාට පුළුවන් ඩාර්ක් සර්කල්ස් වලට තාවකාලික තිතක් තියන්න.

 

මේකත් අමතක කරන්න එපා.

ඔයාට බැරි වුනා නම් මේ කියපු ආකාරයේ වර්ණවත් කන්සීලර් එකක් හොයාගන්න,ඔන්න විසඳුමක් තියෙනවා.අඳුරු පැහැය මට්ටු කරන්න අපි කලින් කිව්වා වගේ තැඹිලි,රතු හෝ පීච් පැහැයෙන් යුතු ලිප්ස්ටික් එකක් මෙතැනදී ඔයාට පාවිච්චි කරන්න පුළුවන්.ක්‍රීම් ආකාරයේ ලිප්ස්ටික් එකක් තමයි වඩාත්ම සුදුසු.නැත්තං වියළි බව ඉස්මතුවෙන්න ඉඩ තියෙනවා.වැඩිය දිස්නයක් එන එකත් එතරම් හොඳ දෙයක් නෙවෙයි.හරියට ගළපා ගත්තා නම් මේකත් ඩාර්ක් සර්කල්ස් ප්‍රශ්නයට හොඳ විසඳුමක්.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
No Comments Yet

Comments are closed