ඔයාගේ මේකප් බෑග් එකේ මේ දේවල් තියෙනවද?

1. අයි-බ්‍රෝව් ශේපර්

මේක ජෙල්,පවුඩර් වගේම පැන්සලක් වෙන්නත් පුළුවන්.මොකක් හරි දෙයකින් අවශ්‍ය වෙන්නේ ඔයාගේ ඇහිබැම නිසියාකාරයෙන් පිරිච්ච පෙනුමක් සහිතව හැඩ කිරීමයි.ඔයාගේ මුහුණේ හරිම හැඩය ඉස්මතුවෙන්න ඇහිබැම ගොඩක් වැදගත් නිසා මේ දේවල් නම් ඔයාගේ මේකප් බෑග් එකට දාගන්නම ඕනි.ඇහිබැම ගානට හදාගත්තට පස්සේ පොඩි බ්‍රෂ් එකකින් පීරාගෙන පිළිවෙල කරන්නත් අමතක කරන්න එපා.

 

2. අයි ලයිනර්

මේකත් ඔයාගේ මේකප් බෑග් එකට අනිවා ඕනිමයි.ඔයාගේ ඇස් වල හැඩයෙන් ප්‍රමාණයෙන් මුහුණේ ලොකු වෙනසක් කරන්න පුළුවන් නිසා අයි ලයිනර් මේකප් එක ඔයාගේ පෙනුමට එකතු කරන්නේ හරිම විශේෂිත බවක්.එහෙනම් ඔන්න අමතක කරන්න එපා.

 

3. BB ක්‍රීම් සහ ෆවුන්ඩේෂන්

ඔයාට තියෙන්නේ පිග්මෙන්ටේෂන් සහිත සමක් නම් මේක හරිම වැදගත් වේවි ඔයාට.මොකද කියනවා නම් BB ක්‍රීම් හරි ෆවුන්ඩේෂන් හරි ඔයාට උදව් වෙනවා ඔයාගේ සම එකම වර්ණයකින් තියාගන්නත් මුහුණ පුරාවටම හොඳ නිමාවක් ලබාදෙන්නත්.මේ දෙකෙන් ඔයා කැමති මොන දේ පාවිච්චි කලත් කමක් නැහැ. නමුත් BB ක්‍රීම් එකක වාසිය වෙන්නේ ඒක ඕනිම තැනකට හරිම පහසුවෙන් ගෙනියන්න පුළුවන් වගේම මුළු දවස පුරා ආලේපයටත් ඉතා පහසු වගේම ඉක්මන් වීමයි.

4. ලිප්ස්ටික්

ඔයාට මේකප් කරන්න මොනවත්ම දෙයක් නෑ කියලා හිතමුකෝ.එහෙම වෙලාවට ලිප්ස්ටික් එකකින් ලැබෙන්නේ මාර උදව්වක්.පාට කීපයක ශේඩ් එකක් හරි බ්‍රයිට් කලර් එකකින් යුතු ලිප්ස්ටික් එකකින් හරි ඔයාට පුළුවන් මුළු මුහුණෙම පෙනුම කැපී පෙනෙන විදියට වෙනස් කරගන්න.දවල් දවසේ මේකප් ගොඩක් පාවිච්චි කරන එක එතරම් නොගැළපෙන නිසා ඒ වගේ වෙලාවකට ලිප්ස්ටික් එකක් විතරක් පාවිච්චි කරලා ඔයාගේ පෙනුම වැඩි කරගන්න ආපහු දෙපාරක් හිතන්න එපා.

 

5. මේකප් වයිප්ස්/රිමුවර්

දවස ඉවර වුනාට පස්සේ හරි ක්‍රමයකින් මේකප් ඉවත් කරන එකත් ගොඩක් වැදගත් දෙයක්.අන්න එකට තමයි මේ මේකප් වයිප්ස්/රිමුවර් උවදව් වෙන්නේ.ගෙනියන්න පහසු නිසා ඕනිම හදිසි අවස්ථාවක් වෙනුවෙන් වුණත් පාවිච්චි කරන්නත් පුළුවන්.ඒ කියන්නේ මේකප් මිස්ටේක්ස් වලදී වුණත්..කොහොම වුණත් වෝටර්-පෘෆ් රිමුවර් එකක් පාවිච්චි කරන එක නම් ඔයාගේ අයි මේකප් වගේම ලිප්ස් වලදී ගොඩක් වැදගත් වෙනවා.මේකප් වයිප්ස් හොයාගන්නම බැරි අවස්ථාවක් කියමුකෝ.අන්න ඒ වෙලාවට ඕනිම තෙල් වර්ගයක් ඔයාගේ උදව්වට එනවා.මස්කාරා වගේම වෝටර්-පෘෆ් අයිලයිනර්ස් ඉවත් කරගන්න පොල්තෙල් වගේම බේබි ඔයිල් වගේ දෙයක් නියමෙට ගැළපෙනවා කියලත් අමතක කරන්න එපා.

 

6. මොයිස්චරයිසර්

හොඳ මොයිස්චර්රයිසින් ක්‍රීම් එකක් නම් ඔයාගේ මේකප් බෑග් එකේ තියෙන්නම ඕනි.මොන විදියේ හමක් ඔයාට තිබ්බත් මේක නම් හරිම වැදගත්.ඔයා ටිකක් රස්නේ තැනක ඉන්න කෙනෙක් වුණත් මොයිස්චර්රයිසින් ක්‍රීම් පාවිච්චිය අත්‍යවශ්‍යයි කියන දේ අමතක කරලා බැහැ.රස්නෙත් එක්ක ක්‍රීම් ආලේපය අමාරු දෙයක් තමයි.නමුත් ඒ වගේ අවස්ථාවට ඔයිල්-ෆ්‍රී මොයිස්චර්රයිසින් ජෙල් එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්.ඒ වගේ ජෙල් එකකින් සමට ලොකු අපහසුතාවක් දැනෙන්නේ නැහැ.කොහොම වුණත් ඔයාගේ මේකප් වලට යටින් මොයිස්චර්රයිසින් ක්‍රීම් එකක් ආලේප කරලා තිබීම නම් අනිවාර්යයි කියලා නම් කියන්නම වෙනවා..

 

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
No Comments Yet

Comments are closed