ලංකාවේ නිවාඩුවකට යන්න නොවරදින තැන්

මේ එන්නේ හීතල නිවාඩු කාලේ..ඒ කියන්නේ ජොලිම කාලේ.බඩුමුට්ටු ටිකක් අහුරගෙන,කට්ටියත් එක්ක පොඩි වෙනසකටත් එක්ක ලංකාව ඇතුළෙම පොඩි පහේ ට්‍රිප් එකක් යන්න හිතාගෙන ඉන්නවා නම් මෙන්න මේ ස්පොට්ස් නම් අමතක කරන්න එපා.බීච් නම් බීච්.කඳු නම් කඳු.වයිල්ඩ් ලයිෆ් නම් එහෙමයි-ඉතිහාසේ ගැන හොයන්න කැමති නම් ඔන්න ඒකටත් මේ තැන් නම් පංකාදුයි.කලබලකාරී නගරයෙන් ඈත්වෙලා තමන්ගේම ලස්සන රටේ සුන්දරත්වය විඳින ගමන්ම ඔයාගේ හිතටත්-ගතටත් හරිම අපූරු විවේකයක් දෙන්න මේ නිවාඩුවේදී ඔන්න දෙපාරක් හිතන්න එපා.

හික්කඩුව බීච්

ආසියාවේ මුතු ඇටය කියන හරිම ආඩම්බර නමකින් අපේ සුන්දර සිරි ලංකාව කට්ටිය ඉස්සර ඉදලම නම් කරලා තිබ්බේ අපේ ලස්සන රට වහගෙන වටේටම පැතිරිලා තියෙන සුන්දර මුහුදු තීරය නිසා.හික්කඩුව,නැත්තං හික්කා කියන්නේ අන්න ඒ සුන්දරත්වය කිසි අඩුවක් නැතුව විඳගන්න පුළුවන් සුපිරිම බීච් එකක්.පැහැදිලි මුහුදු වතුර,ලස්සන ලස්සන ගල්මල්-කොරල් විතරක් නෙවෙයි අපූරුවට රැළි නගන මුහුදු රළ හික්කා වල විශේෂත්වය ලෝකෙටම පෙන්නනවා.ඒ සුන්දරත්වයත් එක්ක බීච් පාර්ටි වලට වගේම නයිට් ලයිෆ් එකත් උපරිමයෙන් විඳගන්න ලංකාවේ කට්ටිය විතරක් නෙවෙයි පිටරටවල අයත් හික්කා බීච් එකට වැඩි වැඩියෙන් ආකර්ෂණය වෙනවා.

නුවරඑළිය රේස්-කෝස්

නිවාඩුවකට එංගලන්තේ වගේ සුදු රටකට යන්න කවුද අකමැති?ඒ වුණත් ලංකාවේ අපි කවදා ඕවයේ යන්නද නෙහ්?එහෙම හිතන්න එපා.එංගලන්තේ ගියා වගේම ඇඟට වගේම ඇහැටත් දැනෙන තැන් ලංකාවේ තියෙනවා. නුවරඑළිය රේස්-කෝස් එකත් අන්න ඒ වගේ තැනක්.හරියටම එංගලන්තේ එක්තරා ජනපදයකට ගියා වගේ දැනෙන මේ හීතල නුවරඑළිය රේස්-කෝස් එක නිවාඩුවකට නම් කියාපු තැනක්.අප්‍රේල් මාසයේදී වාර්ෂිකව පැවැත්වෙන අස්ප-රේස් නිසා ඒ කාලෙට වැඩි වැඩියෙන් මේ පැත්තට කට්ටිය ඇදෙනවා.ඒ වුණත් දෙසැම්බර් මාසයේ නත්තල් හීතල විඳගන්නත් නුවරඑළිය රේස්-කෝස් එක අමතක කරන්න බැහැ.

යාල නැෂනල් පාර්ක්

වයිල්ඩ් ලයිෆ් එකට කැමති කට්ටියට කියාපු තැනක්.ගහකොළට-සතාසිව්පාවන්ට ආදරය කරන ඔයාට නම් ඉතින් යාල අමතක කරන්නම බැහැ.කලාතුරකින් දකින්න ලැබෙන ලංකාවට ආවේණික දිවියන්-රංචු පිටින් ගැවසෙන අලි-ඇතුන්,විවිධ වර්ගයේ කුරුල්ලන්,ගහකොළ,මල් වගේ ඇහැ පිනවන දේවල් වලින් නිවාඩු-පාඩුවේ තියෙන ඔයාගේ හිත අයිස්වතුර දැම්මා වගේ කූල් කරගන්න පුළුවන්.

සීගිරිය

ලෝකේම පුදුමයකට ලක්වෙන්න තරම් අපේ කාශ්‍යප රජතුමා මහා දැවැන්ත කළුගලක් උඩ නිර්මාණය කරපු ආඩම්බරකාර මාළිගය දැකබලාගන්න නම් ලංකාවේ ඕනිම කෙනෙක් දෙපාරක් හිතන්නේ නැහැ.අදටත් මේ රාජධානියේ විරාජමානව වැජඹෙන නටබුන් අතර අපේ මුතුන් මිත්තන්ගේ අපූරු-විස්මිත ඉංජිනේරු තාක්ෂණය,මූර්ති කැටයම් ශිල්පය විතරක් නෙවෙයි බිතුසිතුවම් කලාවත් මුළු ලෝකයේම පුදුමයට හේතුවක් වුනා.

හෝර්ටන් තැන්න - ලෝකාන්තය

මුහුදු මට්ටමේ ඉදලා මීටර 2100ක් තරම් උසකට යන්න කැමතිද?එහෙනම් ඔයාට ගැළපෙනම තැන තමයි මේ.ටිකක් පයින් යන්න නම් තියෙනවා තමයි.ඒ වුණත් වටේ-පිටේ බලන්න තියෙන දේවෙල් දැක්කම ඔයාට හිතෙයි ඇවිද්ද පැය දෙක තුන දහස් වටී කියලා.ලස්සන ගහකොළ-මල් විතරක් නෙවෙයි හැමදාම දකින්න නොලැබෙන සතුන්,කුරුල්ලන් වුණත් ඔයාට ඕනි තරම් දැකගන්න පුළුවන්.ඒ වුණත් යන්න කලින් ඕනිම කාලගුණ වෙනසකට රෙඩී පිට යන එකනම් ඇඟට ගුණයි.

දුන්හිඳ දියඇල්ල.

සුන්දර ලංකාවේ ලස්සන දියඇලි අතරින් ඉහළම තැනක තියෙන දියඇල්ලක් තමයි මේ.සෑහෙන්න උසක ඉදලා පහළට කඩා හැලෙන වතුර පාර දුමාරයක් විදියට විසිරිලා යන නිසා තමයි මේකට දුන්හිඳ ඇල්ල කියන්නේ.ඇල්ලේ ලස්සන විතරක් බලලා එන්න එපා.අහළ-පහළ කට්ටිය පාරේ තියාගෙන විකුණන දුම්දාන බඩ ඉරිඟු කරලක්,අච්චාරු ටිකක්,හකුරු කෑල්ලක් එක්ක බෙලිමල් කෝප්පයක් රස විඳින ගමන් ලස්සන ලස්සන හැන්ඩි-ක්‍රාෆ්ට් වුණත් අමතක නොවෙන සිහිවටනයක් විදියට ඔයාට අරගෙන එන්න පුළුවන්.
Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
No Comments Yet

Comments are closed