දිග කොණ්ඩයක් බලාගන්න එක අමාරු වැඩක්ද?

මොන මොන ස්ටයිල් දැම්මත්,දිග වුණත් කොට වුණත් කොණ්ඩයක් රැකබලාගන්නවා කියන්නේ ඉතින් ටිකක් විතර අමාරු දෙයක්. ඒ වුණත් දිග කොණ්ඩයක් හැමෝටම නෑනේ.ඒ නිසා ඒක රැකබලාගන්න එක ටිකක් විශේෂිත වෙනවා.එහෙනම් බලමුද කොහොමද ඒ විශේෂිත රැකබලාගැනීමෙන් සාරවත් වගේම දිග කොණ්ඩයක් අයිති කරගන්නේ කියලා.

1. ට්‍රිම් කරන එක හොඳද? නරකද?

ගොඩක් අය හිතන්නේ කොණ්ඩය ඉක්මනට වැවෙන්න නම් හරියාකාරව ට්‍රිම් කරන එක අනිවාර්යයි කියල.ඔව් ඒකත් හරි.ඒ වුණත් ඔයාගේ කොණ්ඩය අග පැලෙනවා නම්,කොණ්ඩය නිරෝගී නෑ, වියළියි වගේ කියලා හිතෙනවා නම් ට්‍රිම් කිරීම අත්‍යවශ්‍යයි.සති 6–8 වතාවක් ට්‍රිම් කිරීමෙන් පැහැදිලි වෙනසක් ඔයාටත් දැකගන්න පුළුවන්.

2. ෂැම්පු අඩුවෙන්-කන්ඩිෂනර් වැඩියෙන්...

ෂැම්පු භාවිතය සතියකට 2-3 වතාවක් දක්වා අඩු කරනවා කියන්නේ කොණ්ඩයේ ස්වාභාවික තෙල් මට්ටම ගානට පාලනය වෙලා කොණ්ඩයේ ෆ්‍රීසි, එහෙමත් නැතිනම් අවුල්සහගත පෙනුම අඩුවෙලා යන එක.ෂැම්පු භාවිතයෙන් පස්සේ හොඳ තත්වයේ කන්ඩිෂනර් එකක් භාවිතා කිරීමත් ඔයාගේ කොණ්ඩයේ තෙතමනය හොඳින්ම ආරක්ෂා කරන්න සමත්.ඒ වගේමයි කොණ්ඩය වියළි බවින් මෙන්ම රළු බවින් මුදවාගන්නත් ඒ සත්කාරය හොඳටම ප්‍රමාණවත්.කොණ්ඩයේ ආලේප කර තැබිය හැකි කන්ඩිෂනර් ආලේප කිරීමෙන් වෙනස හොඳටම දකින්න පුළුවන්.

3. සැහැල්ලුවෙන් රඳවා ගැනීම.

කොණ්ඩය තදින් අල්ලලා ගැටගහනවා කියන්නේ කොණ්ඩය ඉක්මනින් කැඩීයාමට ප්‍රධානම හේතුවක්.හයි-පෝනිටෙල් එකක් හරි ටොප්-ක්නොට් එකක් ගොඩක් අය ආසාවෙන් කරන විලාසිතාවක් වුණත් එයින් කොණ්ඩයට නම් ලැබෙන්නේ එච්චර හොඳ ප්‍රතිඵලයක් නෙවෙයි.අන්න ඒ නිසා,ඒ වගේ විලාසිතාවක් වෙනුවට කොණ්ඩයට සැහැල්ලු බවක් දැනෙන පහසු මෝස්තරයේ විලාසිතාවක් එකතු කරගන්න.කොණ්ඩය සැහැල්ලුවෙන් මුදාහැර තිබීම වගේම ලූස් පොනිටේල් වගේ විලාසිතාවක් නම් නියමයි.

4. කොණ්ඩයටත් මාස්ක් එකක්

අපි කලිනුත් කිව්වා වගේම කොණ්ඩයක් රැකබලාගන්නවා කියන්නේ ලේසි-පහසු දෙයක් නෙවෙයි.ඒ නිසාම කොණ්ඩය අපෙන් විවිධ පෝෂකයන් පවා ඉල්ලන බව ඔයා දන්නවාද?ඒ නිසා තෙල් සහිත හෙයාර්-මාස්ක් එකක් අඩුමගානේ සතියකට වතාවක් හෝ ඔයාගේ කොණ්ඩය වෙනුවෙන් ලබාදෙනවා නම් ඇත්තටම හරිම වටිනවා.ඔයාගේ කොණ්ඩය සනීපෙට වගේම නියම පෝෂණයෙන් තියාගන්නත් ඒ සත්කාරය හරිම වැදගත්.

5. සිනිඳු බව ලබාදෙන්න.

වෙනත් මෙටීරියල් එකක කොට්ට උරයක් පාවිච්චි කරනවා වෙනුවට සිල්ක් හෝ සැටින් වර්ගයේ කොට්ට උරයක් පාවිච්චි කරලා බලන්න.පුදුම වෙනසක් දැකගන්න පුළුවන්.කොණ්ඩය කැඩී යෑම,ගැටගැසීම වගේම අවුල්වීම කියන ප්‍රශ්න වලින් මිදෙන්න නම් හොඳම දේ තමයි සැටින් කොට්ට උරයක් පාවිච්චියට ගැනීම.දවස් කීපයකින්ම ඔයාට සැබෑ වෙනසක් දැනේවි.

6. හිසකෙස් වර්ධනයට අවශ්‍ය පෝෂණය

කොණ්ඩයට අභ්‍යන්තර පෝෂණය ලබාදෙන විටමින් වර්ග ගැනීමත් හිසකෙස් වර්ධනයේ හොද ප්‍රතිඵල ලබාගන්න පුළුවන් තවත් එක් පියවරක්.හිසකෙස් වර්ධනය කරන සෛල වර්ග වලට අවශ්‍ය පෝෂණය ලබාදෙන ඇතැම් විටමින් වර්ග භාවිතයට ගැනීමෙන් හිසකෙස් වර්ධනය වේගවත් කරගන්න පුළුවන්.
Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
No Comments Yet

Comments are closed