රස්නය මට්ටු කරමින් හැඩ වෙන්න

උණුසුම් කාලගුණයක් එක්ක ලස්සනට ඉන්න එකත් අපේ ගෑණු ළමයින්ට ලොකු ප්‍රශ්නයක්.ඒ වුණත් බය වෙන්න දෙයක් නෑ.පොඩි පොඩි ක්‍රම සහ විධි එක්ක රස්නේ මට්ටු කරලා ලස්සනට ඉන්න මෙන්න මේ විදියට ට්‍රයි කරන්න.

ඔයාගේ ඩේලි රූටිං එකත් එක්කම වැඩේ පටන් ගමු.

දවස පුරාම ගලන දහඩිය නවත්තන්න නම් ඉතින් වෙන මොනවද?සුපිරිම සුපිරි ඩියෝ එකක් තමයි..ඊට අමතරව ඉහින්-කනින් බේරෙන දාඩියෙන් ගැළවෙන්න පොඩි අවානක්,මුණට පොඩි කූල් එකක් දැනෙන්න නිතර ස්ප්‍රේ කරගන්න පුළුවන් වතුර පුරවාගත්ත ස්ප්‍රේ බෝතලයක් එහෙම බෑග් එකේ තියාගන්න.එළිමහනකදී දැනෙන රස්නය එසැණින් මට්ටු කරලා සනීපයක් ගේන්න මේ පහසු ක්‍රම නියමයි.දාඩිය පිරිච්ච ඔයාගේ මුණ පිහිදාගන්න වෙට්-වයිප්ස් තරම් දෙයක් තවත් නෑ කියලත් අමතක කරන්න එපා.

දැන් ඔයාගේ මේකප්.

ඔයා වෙනදට පාවිච්චි කරන,මුණ පුරාම අලේප කරන ෆවුන්ඩේෂන් වගේම හෙවි-මේකප් මේ කාලෙට නම් ගැළපෙන්නේ නෑ යාළුවනේ.ඒ නිසා බොහොම සැහැල්ලු වගේම පව්ඩර් වර්ගයේ නිෂ්පාදන ඔයා මේ වගේ රස්නේ කලෙකදී ඔයාගේ මේකප් වලට පාවිච්චි කරන එක නුවණට හුරුයි.ඒ වගේම මේකප් නිෂ්පාදන මිලදී ගනිද්දී රස්නයට මෙල්ට් වෙන්නේ නැති නිෂ්පාදන මිලදී ගන්නත් අමතක කරන්න එපා.ඔයා සාමාන්‍යයෙන් ෆවුන්ඩේෂන් පාවිච්චිම කරන කෙනක් නම් සන්ස්ක්‍රීන් ටිකක් මික්ස් කරලම ආලේප කරන්න.වැඩිපුර ආරක්ෂාවක් ලබාගන්නත් පුළුවන්නේ.

ඇඳුම් කොහොමද?

මතක් වෙච්ච ගමන් කරදරකාරී බවක් දැනුණත් ඇත්තටම රස්නේ කාලෙකදී ඇඳුම් තෝරාගන්න එක හිතන තරම් අමාරු වැඩක් නෙවෙයි.ඉස්සෙල්ලම බලන්න ඕනි ඔයා අඳින ඇඳුම් සැහැල්ලු වගේම දාඩිය උරාගන්නා කොට්න් වගේ සැපපහසු මෙටීරියල්ද කියලා.සිල්ක් වගේම කෘතීම මෙටීරියල් වල ඇඳුම් මේ කාලෙට ගැළපෙනවා කියලා නම් කොහෙත්ම කියන්න බෑ.ඇඟට සැහැල්ලු,තරමක ලූස් ගතියක් දැනෙන,ටිකක් හුළං එහෙම වදින,කොටින්ම අපේ හමට ටිකක් හුස්ම ගන්න පුළුවන් විදියේ සනීප ඇඳුම් මේ කාලෙට තෝරාගන්න ඕනි.තද ඇඳුම් නම් හරියන්නේ නෑ.විශේෂයෙන්ම ටයිට් ජීන්ස්,ටොප්ස් වගේම කබා/කෝර්ට්.කළු වගේම තද පැහැයෙන් යුතු ඇඳුම් අඩු කරලා, උෂ්ණත්වය උරාගැනීම අවම කරන පැස්ටල් වගේම සුදු පැහැ ඇඳුම් තෝරගැනීමත් හරිම වැදගත්.ටිකක් ලූස් ඇඳුම්,පැලැස්සෝ පෑන්ට්ස්,ජිප්සි ස්කර්ට්ස් වගේම බ්ලවුස් වර්ග තමයි මේ කාලෙට හොඳම.සනීපයක් වගේම සැහැල්ලුවකුත් අමුතු ලස්සනකුත් මේ ඇඳුම් ඔයාගේ පෙනුමට එකතු කරනවා.

 

අන්තිමටම

ඔයාගේ ඇක්සසරීස් වලටත් ලොකු වෙනසක් කරන්න පුළුවන්.ඔයා හැමදාමත් ආසාවෙන් පාවිච්චි කරපු ඔයාගේ ශේඩ්ස් (අව්කණ්නාඩි) වැඩිවැඩියෙන් පාවිච්චි කරන්න ඕනි කාලයක් තමයි මේ.ඔයාටම වෙන්වුණු අපූරු පෙනුමක් ගේන්න වගේම රස්නයෙන් ඔයාගේ ඇස් වගේම ඔයාව බේරගන්නත් මේ ශේඩ්ස් නියමයි.ඔයාගේ මුහුණේ හැඩයට ගොඩක්ම ගැළපෙන ශේඩ්ස් තෝරගන්නත් අමතක කරන්න එපා.ඒ විතරක් නෙවෙයි පොඩ්ඩක් එළියට-පහළියට යද්දී කුඩයක් එහෙම පාවිච්චි කරන්න.තොප්පියක් දාගෙන පාරේ යන එක ලංකාවට ටිකක් විතර අමුතු දෙයක් වුණත් ඒකත් ට්‍රයි කරලා බලන්න.අලුත් පෙනුමක් වගේම අත් දෙකත් නිදහස්.

මෙන්න බෝනස් ටිප් එක..රස්නයත් එක්ක කොණ්ඩය හැඩ කරන එක ටිකක් අමාරු වෙන්න පුළුවන්.ඒ නිසා පෙනුමටත් අලුත් දෙයක් එකතු කරලා දාඩියෙන් ඔයාව ඈත් කරන ලූස් බ්‍රේඩ් ස්ටයිල් එකක්,සයිඩ් පෝනිටේල් එකක් අත්හදා බලන්න.ෆ්‍රෙන්ච් බ්‍රේඩ් එකක් ට්‍රයි කරලා ලස්සන පෙනුමක් වගේම දවසම සැහැල්ලුවෙන් ඉන්නත් අමතක කරන්න එපා…

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
No Comments Yet

Comments are closed