ඔයාට හරියටම ගැළපෙන ස්විමිං සූට් එක තෝරමු

බීච් වල නාන්න ඕනිම කෙනෙක් කැමතියි.ඒ වුණත් අපි එක එක්කෙනාගේ ඇඟවල් වල තියෙන පොඩි පොඩි අඩුපාඩු නිසා ස්විමිං සූට් එකක් අඳින්න කට්ටිය ටිකක් විතර අදිමදි කරනවා.එහෙම නේද?බලන්න මේ සිම්පල් ටිප්ස් ඔයාට උදව්වක් වේවි හිත හදාගෙන ඔයාට ගැළපෙන ස්විමිං සූට් එක විශ්වාසයෙන් යුතුව තෝරාගන්න.

Tip 1: ඔයා පෙන්වන්න අකමැති-හංගන්න හදන දේ ගැන ඉස්සෙල්ලාම දැනගන්න

මේක තමයි පටන් ගන්න හොඳම විදිය.කලිනුත් කිව්වා වගේ හැමෝගෙම ඇඟවල් ලස්සනටම ගානටම පිහිටන්නේ නෑනේ.සමහර අය කැමති නෑ තමන්ගේ මහත තයිස් පේනවට,තවත් අය බඩ පේනවට කැමති නෑ.මහත අත් තියෙන අය ඉතින් ඒවා අනික් අයට පේනවට කැමතිත් නෑ.ඔන්න ඔය වගේ ඔයාටත් තියෙනවනේ එහෙම අකමැති දේවල්.අන්න ඒ නිසා ඒ දේවල් හරියටම අඳුරගෙන ඉස්සෙල්ලාම වැඩේ පටන් ගනිමු.

Image Credits: rumpunchresortwear.com

Tip 2: කැමති දේවල් වලට මුල්තැන දෙන්න?

අකමැති දේවල් තියෙන අතරේ තමන්ගේ ඇඟේ තවත් දේවල් වලට ආදරේ කරන,ආඩම්බර වෙන අය ඉන්නවා.එක්සයිස් කරලා හදාගත්ත හිප් එක,චෙස්ට්,බැක් එක වගේ දේවල් ගැන ආඩම්බර අයට පුළුවන් බය නැතුව ඒවාට මුල්තැන දෙන්න.

Tip 3: ඇක්සසරීස් කොහොමද?

මෙතන කියන්නේ මාල-කරාබු ගැන නෙවෙයි.ඊට අමතරව සූට් එකට උඩින් අඳින දේ ගැනයි මෙතැනදී කියන්න හදන්නේ.සමහර අය සරෝන්ග්, beach wrap,ලොකු ටී ෂර්ට්ස් වගේ දේවල් අඳිනවා.ඇත්තෙන්ම ඒවායින් මතු වෙන්නේ අමුතුම ලස්සනක්.ඊට අමතරව ඔයා ගෙනියන දේවල් රඳවාගන්න පොකට්ස් වගේ තියෙන ටොප් එකක් තෝරගන්නත් අමතක කරන්න එපා.

Tip 4: පාට සහ පැටර්න් එක.

ඔය හිතනවාට වඩා මෙතනදී ගොඩාක් තේරීම් තියෙනවා.සාමාන්‍යයෙන් කළු පාට කෙනෙක්ව ටිකක් කෙට්ටු කරලා පෙන්වනවා.ඒ වගේම තද පාට ස්විමිං සූට් එකක් ඔයාගේ හැඩ ඉස්මතු කරවනවා.සුදුපාට විශේෂයෙන්ම ඔයාගේ චෙස්ට් එක ටිකක් ලොකු කරලා පෙන්වනවා.පැස්ටල්-ලා පැහැයන් ටිකක් සෞම්‍ය පෙනුමක් තමයි එකතු කරන්නේ.කෙටියෙන්ම කියනවා නම් බ්‍රයිට් කලර්ස් – ඇස් යොමුකරවනවා.ඩාර්ක් කලර්ස් -ඇහැ ටිකක් විතර රවට්ටනවා.තේරීම ඔයා අතේ.

Image Credits: rumpunchresortwear.com

Tip 5: ඔයාටම ආදරේ කරන්න.

කොහොම වුනත් ස්විමිං සූට් එකක් අඳිද්දී හිතට දැනෙන අපහසුතාවය ඉසෙල්ලම නැති කරන්න.ඔව් ඔයා ලස්සනයි-හැඩයි කියන දේ මුලින් හිතන්න.ඔයාටම ආදරේ කරන්න.විශ්වාසය ඇති කරගන්න.ඔයාට ගැළපෙන,තැනට ගැළපෙන ස්විමිං සූට් එක තෝරාගෙන විනෝදවෙන්න.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
No Comments Yet

Comments are closed