ඔයාගේ ලස්සන ඇස් කණ්නාඩි වලින් වැහිලද?

ලස්සන ඇස් දෙකක් තිබ්බත් සමහර ගෑණු ළමයින්ට පෙනීමේ අපහසුතා නිසා කණ්නාඩි පාවිච්චි කරන්න සිද්ධවෙනවා.එක ටිකක් විතර අපහසු දෙයක් වුණත් ඔයාගේ ලස්සන,කණ්නාඩි වලින් වැහෙන්න දෙන්න බැහැ.පොඩි පොඩි මේකප් ට්‍රික්ස් වලින් ඔයාට පුළුවන් ඔයාගේ කණ්නාඩිය ඔයාට ලස්සනක් එකතුකරන දෙයක් විදියට යොදාගන්න.මෝස්තරේට,ලස්සනට ඇස් කණ්නාඩි දාන අයටත් මේ උපදෙස් වැදගත්.

1. අවධානය

ඔයාගේ මුණ දැක්ක ගමන් ඕනිම කෙනෙක්ගේ ඇහැ යන්නේ ඔයාගේ කණ්නාඩි දෙකටයි.අන්න ඒ නිසා ඒ අවධානය ඔයාගේ ඇස් වලටත් ලබාගන්න ෂිමර් චුට්ටක් හරි වෙනත් විශේෂිත පැහැයක් ඔයාගේ ඇස් වලට එකතු කරගන්න පුළුවන්.කණ්නාඩි වලට එහායින් පේන ඔයාගේ හීනි ඇස් වලට තරමක ලොකු පෙනුමක් ලබාගන්නත් මේ ක්‍රමය නියමයි.නමුත් ඔයාගේ කණ්නාඩි නිසා ඔයාගේ ඇස් තරමක් ප්‍රමාණයෙන් ලොකුවෙලා පේනවා නම් මැට් ලුක් එකක් තෝරාගන්න.

2. සේබම්

ඔයාගේ සම තෙල් සහිත නම් ඉතින් ටිකක් වෙලා යද්දී දන්නෙම නැතුව කණ්නාඩි කුට්ටම නහය වෙනකං ලිස්සලා එන එක අමුතු දෙයක් නෙවෙයි.ඒ නිසා තෙල් උරාගන්නාසුළු සංයෝග සහිත ප්‍රීමර් එකක් සහ ෆවුන්ඩේෂන් එකක් තෝරාගන්න.තෙල් සහිත පෙනුමත් ඉවත්වෙලා කණ්නාඩි කුට්ටමත් ගානට සෙට්වෙයි.

3. අයි-ප්‍රීමර්

අයිලිඩ් එකට වගේම ඇස් යට ප්‍රදේශයට අයි-ප්‍රීමර් පාවිච්චි කරන්න.පැල්ලම් සහිත බව බව රැළි වැටීම් වළක්වන්න මේ ට්‍රික් එක නියමයි.

4. කන්සීලර්

කණ්නාඩි නිසා ඔයාගේ ඇස් යට ප්‍රදේශය ටිකක් අවපැහැ වෙන්න ගොඩාක් දුරට ඉඩ තියෙනවා,අන්න ඒ නිසා ඇස් වටා ප්‍රදේශයට කන්සීලර් පාවිච්චිය නම් අනිවාර්යයි.ඔයාගේ හමට හොඳින්ම ගැළපෙන කන්සීලර් එකකින් පුළුවන් කැළැල් වගේම නාසය මත ඇති පැල්ලම් පවා අපූරුවට හංගන්න.

5. මස්කාරා

ඔයාගේ කණ්නාඩි වල පැල්ලම් නොහිටින්න වෝටර්පෘෆ් මස්කාරා එකක් තෝරාගන්න.කණ්නාඩි වලින් ඔයාගේ ඇස් වල පෙනුම ටිකක් ලොකු වෙලා පේනවද,නැත්තං තවත් ටිකක් හීනි වෙලා පේනවද කියන කාරණය ගැන හිතලා හරියටම ගැලපෙන වොලියුම් එකක් තියෙන අයි-ලෑශස් තෝරාගත්තා නම් නියමයි.

Do you like this post?
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid
No Comments Yet

Comments are closed